වයඹ පළාතේ සාම්ප්‍රදායික කලාකරුවන් හා ශිල්පීන්ගේ නිර්මාණශීලී කුසලතා ඔප්නංවා, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරමින්, අපේ අභිමානවත් ජන උරුමය මතු පරපුරට දායාද කරන රාජ්‍ය ආයතනය.
වයඹ ජනකලා කේන්ද්‍රය 1992 මාර්තු 21 වන දින වයඹ පළාත් සභාවේ 1992 අංක 02 දරණ පළාත් ප්රඥප්තිය යටතේ ස්ථාපිත කරන ලද ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයකි.
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම කේන්ද්‍රය, පළාතේ සාම්ප්‍රදායික කලා ශිල්ප හා ජනකලා සංරක්ෂණය, ප්‍රවර්ධනය සහ කලාකරුවන්ගේ ආර්ථික හා සමාජීය තත්ත්වය උසස් කිරීම සඳහා නිරන්තරයෙන් කැපවී කටයුතු කරයි.
පළාතේ කලා ශිල්ප ආරක්ෂා කිරීමට නීතිමය හා පරිපාලනමය පදනමක් හිමිවීම.
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම හා රාජ්‍ය සහයෝගය.
පළාත් සභාවට බරක් නොවී ස්වයං ආදායම් උත්පාදනය මගින් පැවැත්ම තහවුරු කරගැනීම.
වයඹ කලා කරුවන්ගේ නිර්මාණ කලා ශිල්ප හා පාරම්පරික ජනකලාවන් ආරක්ෂණය කර නව බිඳුවලින් කලාව තුලින් යහපත් පුරවැසියන් බිහිකිරීම.
වයඹ පළාතේ විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන කලා කරුවන් සතු ශිල්පීය ඥානයන් ඒකරාශී කර, ඔපමට්ටම් කර, ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ මට්ටමකට ගෙන එන අතර, එය මතු පරපුරට දායාද කරමින් ජනතාවගේ රසාස්වාදය බුද්ධි වර්ධනය සහ සුභවාදී ආකල්පමය දැක්මක් සඳහා භාවිතා කිරීම වේ.
වයඹ පළාතට ආවේණික දේශීය කලාවන්, අත්කම් හා ජනකලා රැකගැනීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සැලසීම.
දේශීය අත්කම් කර්මාන්ත ආරක්ෂා කරමින් ශිල්පීන්ගේ සහ කලාකරුවන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය හා ජීවන තත්ත්වය උසස් කිරීම.
වයඹ පළාත් සභාවට මූල්‍යමය බරක් නොවී, විවිධ ආදායම් උත්පාදන ව්‍යාපෘති මගින් ස්වයංපෝෂිත මූල්‍ය ශක්තියක් සහිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වීම.
වයඹ පළාතේ විවිධ හස්ත කර්මාන්තයන්හි නිරත ශිල්පීන් ඒකරාශී කොට ඔවුන්ගේ හැකියාවට සහ ශ්රමයට සරිලන සාධාරණ ඉහළ මිලක් ලැබෙන වෙළඳපළක් බිහි කිරීම හා ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම.
මෙම හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන අලෙවි කර දීම සදහා කුරුණෑගල, හලාවත හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ යන ස්ථානවල විස්කම් නිවාස අලෙවිසැල් කේන්ද්‍රගත වී ඇත.
වයඹ පළාතේ කර්මාන්ත කරුවන් එක වහලක් යට එකට එකමුතු කර ඔවුනගේ කර්මාන්ත කර ගෙන යාමට සහ නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව පාදා දෙමින් වයඹ ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය තුළ ඇති ස්ථාන එම කර්මාන්තකරුවන්ට සාධාරණ බදුකුලී පදනමක් මත ලබාදීම තුළීන් වයඹ පළාතේ කර්මාන්ත කරුවන් නඟා සිටු වීම.
වයඹට අනන්‍ය වු කලා ශිල්ප හා කලා කරුවන් ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කර පවත්වා ගෙන යාම සදහා පාරම්පරික කලා ශිල්පයන්ගේ නිපුණත්වයට පත් කලා ශිල්පීන්ගේ දායකත්වයෙන් සෞන්දර්යය පාඨමාලාවන් පවත්වා ගෙන යාම හා එමගින් බිහිවන කලා කරුවන්ගේ පැවැත්ම සහ කලා ශිල්ප මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම සඳහා නර්තන, වාදන (පෙරදිග සහ අපරදිග) ගායක කණ්ඩායම්, මංගල චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේ සේවා, නාට්‍ය සංගීතය, බලි තොවිල් ආදී ප්‍රසංග පැවැත් වීම තුළින් වයඹ පළාතේ සංස්කෘතිය හා කලාව නංවාලීම.
වයඹ ජනකලා පදනමේ නිල පරිපාලන හා මෙහෙයුම් ව්‍යුහය.
වයඹ ප්‍රවීණ ශිල්පීන්ගේ අද්විතීය නිර්මාණ සෘජුවම මිලදී ගැනීමට පැමිණෙන්න.
ජාත්‍යන්තර
ශ්‍රී ලාංකේය සංස්කෘතික සිහිවටන, සාම්ප්‍රදායික වෙස් මුහුණු, පිත්තල භාණ්ඩ, දුම්බර පැදුරු හා අත්කම් නිර්මාණ විදෙස් මගීන් වෙත අලෙවි කරන ජාත්‍යන්තර ප්‍රදර්ශනාගාරය.
ප්‍රධාන මධ්‍යස්ථානය
වයඹ පළාතේ ප්‍රධානතම අත්කම් අලෙවිසැල. ලී කැටයම්, පිත්තල භාණ්ඩ, මැටි භාණ්ඩ, බතික් ඇඳුම් සහ ස්වභාවික අමුද්‍රව්‍ය නිෂ්පාදන රැසක් මෙහිදී ලබාගත හැක.
වෙරළබඩ
වෙරළබඩ කලාපයේ පාරිභෝගිකයින් හා සංචාරකයින් ඉලක්ක කරගත් සාම්ප්‍රදායික අත්කම් සහ සිහිවටන ප්‍රදර්ශනාගාරය.
ජනකලා කේන්ද්‍ර පරිශ්‍රය, නුවර පාර, කුරුණෑගල
වයඹ ජනකලා කේන්ද්‍රයේ ප්‍රවීණ කලාකරුවන් විසින් ඉදිරිපත් කරන විශිෂ්ට සංස්කෘතික ප්‍රසංග හා සේවාවන්.
ග්‍රාමීය ජනතාවගේ රසඥතාවය ඉහල නැංවීම ඉලක්ක කරගත් කෙටි වැඩසටහන් සම්ප්රදායක් සමාජගත කිරීම (සොකරි, නාඩගම්/නූර්ති ගී වැඩසටහන්, දෙබස් කථන මුද්‍රා නාටක)
හස්ත කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන ගුණාත්මක භාවය වැඩිකිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
නව නිර්මාණ කරුවන් පිරිසක් හඳුනා ගැනීම.
ස්වයං පැවැත්ම තහවුරු කර ගත් ආයතනයක් බවට පත්වීම.
සැබෑ කලා මධ්‍යස්ථානයක් බවට ජනකලා කේන්ද්‍රය පත්කිරීම.
අපගේ නිල වෙබ් අඩවියේ විමසීම් පෝරමය මගින්, 037-2223421 දුරකථන අංකයෙන් හෝ කුරුණෑගල ප්‍රධාන කාර්යාලයට පැමිණ ඔබගේ උත්සව දිනයට අවම වශයෙන් සති දෙකකට පෙර වෙන්කරවා ගත හැක.
ඔව්. කුරුණෑගල, හලාවත සහ කටුනායක ගුවන්තොටුපල (34D) අලෙවිසැල් මගින් සෘජුවම මිලදී ගත හැක. විශේෂ තොග ඇණවුම් සඳහා අපගේ අලෙවි අංශය අමතන්න.
වයඹ පළාතේ පදිංචි ඕනෑම සාම්ප්‍රදායික හෝ නවීන අත්කම් ශිල්පියෙකුට අපගේ ව්‍යාපෘති අංශයේ ලියාපදිංචි වී, ගුණාත්මකභාවය පරීක්ෂාවෙන් පසු විස්කම් නිවස අලෙවි ජාලයට තම නිෂ්පාදන සැපයිය හැක.
අපගේ සංස්කෘතික සේවාවන් වෙන්කරවා ගැනීමට, විස්කම් නිවස නිෂ්පාදන පිළිබඳ විමසීමට හෝ පරිශ්‍ර පහසුකම් ලබාගැනීමට පහත තොරතුරු මගින් අප හා සම්බන්ධ වන්න.
නුවර පාර, කුරුණෑගල, වයඹ පළාත, ශ්‍රී ලංකාව.
සඳුදා - සිකුරාදා: පෙ.ව. 8.30 - ප.ව. 4.15 (රජයේ නිවාඩු දින හැර)